A traditional Sri Lankan curry made from Colocasia leaves and stems, slow-cooked in coconut milk and spices. Rich in nutrients. 100% natural. Canned and ready to eat.
අලකොල නැත්නම් අලගොබ කියන්නේ ඉතාමත් රසවත් විදිහට ව්‍යංජනයක් හදාගන්න පුලුවන් ශාඛයක්.
*අලකොලවල පවතින ප්‍රතිඔක්ශිකාරක ගුණය නිසා හදවත් රෝග ඇතිවීම පාලනය කරනවා.
* අලකොල යනු රුධිරයේ සහ මොලයේ යහපත් පැවැත්මට අවශ්‍ය විටමින් K බහුල ආහාරයක්.
*ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් C,A,E යන විටමින් වර්ග ද අල කොල වල අන්තර්ගත වන අතර එමගින් හිරුගේ අහිතකර පාරජම්බුල කිරණ වලින් සම ආරක්ශා කිරීමේ ගුණය අලකොල සතුයි.
*මිනිසුන් වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරන විනාශකාරී ප්‍රෝටීනයක් වන ඒ.ජී.ඊ.එස්.(AGEs) හී ක්‍රියාකාරිත්වය නිෂේධනය කර තරුණ බව රැකදීමේ හැකියාව තිබෙනවා.
*ශරීරයේ නිරෝගී පැවැත්මට අත්‍යාවශ්‍ය යකඩ, කැල්සියම්, පොස්පරස්, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස්, සෙලනියම් සහ තඹ ඇතුලු ඛණිජ ලවණ බොහෝ ප්‍රමාණයක් අලකොලවල අන්තර්ගතයි.
*තන්තු සහිත ආහාරයක් නිසා බඩවැල්වල හිතකර ක්ශුද්‍ර ජීවීන්ගේ පැවැත්ම තහවුරු කර ආහාර ජීර්ණ පද්ධතිය ආරක්ශා කරයි.
*ශරීරයේ අසාමාන්‍ය බර වැඩිවීම පාලනය කරයි.
*අලකොලවල අඩංගු ලුටින් සහ සීඇක්සැන්ටින් නම් විටමින් ඒ ප්‍රබේධ මගින් අහිතකර කිරණවලින් ඇස් ආරක්ශා කරයි.
* පිළිකා අවධානව අවම කරයි.
*ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටින් බොහෝ ප්‍රමාණයක් අලකොලවල අන්තර්ගත වෙලා තිබෙනවා.
*රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
*ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවයි.
*පොටෑසියම් අන්තර්ගත නිසා අධි රුධිර පීඩනයටදා මහඟු ඔසුවකි.
*රුධිරය කැටි ගැසීමට ලක් කරන හෝමොසිස්ටීන් මට්ටම සමතුලිත කර රුධිර කැටි ඇතිවීම වලකාලයි.
*මැස්නීසියම් අන්තර්ගත නිසා ශරීරයේ අශ්ථි පද්ධතිය ශක්තිමත් කර ඔස්ටියෝපොරෝසීස් තත්වයන්ගෙන් ශරීරය ආරක්ශා කරයි.
*අල කොල යනු ශරිරයේ පවතින විසබීජ විනාශ කල හැකි ප්‍රබල විසබීජ නාශකයකි.


Reviews
Clear filtersThere are no reviews yet.