🧘 Why Eat Hath Maluwa During Avurudu?
✅ It helps ease bloating, heaviness, and indigestion caused by rich sweets and fried snacks
✅ Contains all 7 key nutritional components: protein, carbohydrate, fat, vitamins, minerals, fiber, and phytonutrients
✅ Balances the body’s internal systems after a festive food overload
✅ Keeps the tradition of natural food-based healing alive
අලුත් අවුරුද්ද අපේ සංස්කෘතිය සහ අපේකම අපිට සිහිපත් කරන වකවානුවක්. ගෙදර හැම දෙනාම එකතු වෙන අවුරුදු කෑම මේසෙට ඔබ දන්නා අලුත් පන්නයේ ආහාර වලට අමතරව අලුත් අවුරුද්දට ආවේනික අපේ ආහාර එකතු කරගන්න පුලුවන් නම් ඒ ඔබේ හපන්කමක්.
අලුත් අවුරුදු කෑම මේසයට අතීතයේ නැතිවම බැරි දෙයක් වුණේ හත් මාලුව.. ආහාරයක් සැකසීමේදී ඖශධිය ගුණය, වර්ණය හා පෝෂණය රැකෙන සේ පිස ගැනීම යන කාරණා සියල්ල හත් මාළුව තුලින් ඉටු වුණා. අතීතයේ දී හත්මාළුව පිසීම ගැමියන් අතර දෙයාකාරයට සිදු වුණා. අවුරුදු කිරි බතට පසු අලූත් අවුරුදු දින කෑම මේසයට හත් මාළුව පිසීමත් දෙවන හත්මාලුව හිස තෙල් ගාන දිනයේ පිසීමත් ලෙස යි.
පුරාණයේ විසූ සිංහලයන් හත් මාළුව නම් විශේෂිත ආහාරයක් හොද්ද, තම්බුම, මැල්ලුම, නියඹලාව, ආනම, පැළඳුම හා බැදුම ලෙස පිසූ අතර පසුකාලීනව එක් ව්‍යාංජනයක් ලෙස වෙනස්කම් වලට ලක්වී හත් මාළුව සිංහල අවුරුදු මේසයේ අනිවාර්යය අංගයක් වී තිබෙනවා.
හත් මාළුව පිස ගැනීමේදී ආහාර වර්ග සංයෝජනය කිරීම ඉතා විශිෂ්ට ලෙස සිදු කරනවා. කාබෝහයිඩේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ, තන්තු සහ ශාක රසායනික යන සියලු පෝෂණ සංඝටක සිරුරට එකවරම ලැබෙන ආහාරයක් ලෙස හත් මාලුව හඳුන්වන්න පුලුවන්. . හත්මාළුව ආහාරයක අඩංගු විය යුතු ගුණ හා අඩංගු විය හැකි සියලු ගුණයන් එකවිට උපරිමයෙන්ම සිරුරට ලබා දෙන ආහාරයක් බවයි අපේ පැරැන්නන් අදහස.
හත්මාළුව පිසීමේදී ගෙඩි වර්ගයක්, කරල් වර්ගයක්, ඇට වර්ගයක්, කොල වර්ගයක්, දලු වර්ගයක්, මල් වර්ගයක් ආදී ගස් වැල් වල සෑම අංගයක්මද ආහාර ප්‍රභව ලෙස යොදා ගැනීම සිදු කරනවා. රසකාරක හා සුවඳකාරක ලෙසත් ආකර්ෂණීය පෙනුමක් ලබාදීමටත් විවිධ දේශීය කුලුබඩු වර්ග රැසක් ද හත්මාළුවට යොදා ගන්නවා.
අවුරුද්දට රස කැවිලි ආහාරයට ගැනීමේදී අධික තෙල් හා පිටි ප්‍රමාණයක් ආමාශ ගත වී ඇතිවිය හැකි බඩ පිපුම, මල බද්ධය, කෑම අරුචිය හත් මාලුව ආහාරයට ගැනීමෙන් සමනය වන බව අපේ ගැමියන් විශ්වාස කළා.
පළාත් අනුව යම් යම් වෙනස්කම් සහිතව හත්මාලුව සකස් වෙනවා.
ඔබට පහසුවෙන් සපයා ගත හැකි දේවල් සහිත මේ රෙසිපිය යොදාගෙන හත් මාලුවක් සකස් කරලා ඔබේ අලුත් අවුරුදු කෑම මේසයට වැඩි වටිනාකමක් දෙන්න අමතක කරන්න එපා.
අවශ්‍ය දේවල්-
1. කජු 50 g
2. කොස් ඇට
3. මෑ කරල්
4. වම්බටු
5. අර්තාපල්
6. වට්ටක්කා දලු ස්වල්පයක්
7. අලු කෙසෙල් ගෙඩි දෙකක්
8. පොල් ගෙඩියක පමණ මිටිකිරි හා දියකිරි
9. මිරිස් කුඩු තේ හැඳි 3 ක්
10. තුනපහ කුඩු
11. තලාගත් එනසාල් කරල් 2 ක්
12. සූදුරු කුඩු ස්වල්පයක්
13. උලු හාල් ස්වල්පයක්
14. හොඳින් ලියාගත් රතු ළූනු
15. තලා ගත් සුදුළූණු
16. කරපිංචා,රම්පේ, ස්වල්පයක්
17. අමු මිරිස් කරල් දෙකක්
18. පොල් තෙල් ස්වල්පයක්


Reviews
Clear filtersThere are no reviews yet.